News Political

මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුට කොරෝනා.. දෙදෙනාම ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටියි.

ආසන්න දින කිහිපය තමන් ඇසුරු කළ සියලු දෙනාට ස්වයං නිරෝධායනය වන ලෙසද ඔහු ඉල්ලා සිටී.

දිසානායක මහතා ඇස්ටාසෙනිකා මාත්‍රා දෙකම ලබාගත් අයෙකි.

මේ අතර සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා ද සඳහන් කරන්නේ තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ආසන්න සතියේ තමන් ආශ්‍රය කළ සියලු දෙනා නිරෝධායනයට ලක් වන ලෙස ද ඔහු ඉල්ලා සිටි. වෙදාරච්චි මහතා ද ඇස්ටසෙනිකා මාත්‍රා දෙකම ගත් අයෙකි.

Related posts

“කෝවිඩ් අවදානම ගැන අපි කළින් ඉඳන් කිව්වා – අපේ උපදෙස් බොහෝ දෙනා අමතක කළා” – වෛද්‍ය නවීන් ද සොයිසා (Video)

Shiran Viraj

ජනාධිපති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි…

Shiran Viraj

අපේ කොරෝනා මර්දන සාර්ථකත්වය 100%යි.. අපි සිටින්නේ අති විශිෂ්ඨ තැනකයි..- කොරෝනා මර්ධන බලකා ප‍්‍රධානී සහතික කරයි…

Shiran Viraj

Leave a Comment