News Political

රට විශාල අවදානමක.. කොරෝනා ඉවර නෑ..- චන්න

රට තුළ සංචරණ සීමා ලිහිල් කර තිබුණද කොරෝනා වසංගතය හෝ ඩෙල්ටා ප්‍රභේදයේ අවදානමක් නැතැයි කිසිවෙකු වැරදි වැටහීමක් ඇති කර නොගත යුතු බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

සංචරණ සීමා ලිහිල් කර ඇත්තේ ඇති රාජ්‍ය සේවය අඛණ්ඩව ක්‍රමානුකූලව කරගෙන යාමට බවත් එය කොරෝනා වසංගතය පාලනය වීමක් යැයි වැරදි වැටහීමක් කිසිවකු ඇති කර ගත යුතු නැති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව විශාල අවදානමක සිටිනා බවත් සංචරණ සීමා ලිහිල් කර ඇත්තේ ජනතාවගේ පහසුව සඳහා බවත් ඔහු පෙන්වා දෙයි.

සීමා ලිහිල් කිරීමෙන් අනිසි ප්‍රයෝජන නොගන්නා ලෙසත් එසේ කළහොත් තව සති දෙක තුනක් ඇතුලත විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඔහු කියා සිටියේය.

Related posts

ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තවත් ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප‍්‍රකාශයක්

Shiran Viraj

කවුරු වුණත් කමක් නෑ.. මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපති

Shiran Viraj

ඉන්දීය ක‍්‍රමයට දඬුවම් දුන්නේ යයි වැඩ තහනම් වුණු පොලිස් නිලධාරින් දෙදෙනා යළි සේවයේ පිහිටුවයි..

Shiran Viraj