Business Business News News

ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු නොගැහුවොත් රටටම තෙල් නෑ…- මහ බැංකු අධිපති

තෙල් සංස්ථාවට ඉන්ධන මිලට ගැනීම සඳහා මුදල් අච්චු ගසා ලබාදීමට සිදුව ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

එසේ මුදල් ලබා නොදුනහොත් රටටම ඉන්ධන නැති වනු ඇති බවත් හෙතෙම පැවසීය.

තෙල් සංස්ථාව මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 217ක් ඉල්ලා ඇති නමුත් එම මුදල් ලබාදීමට නොහැකි වීම මත මහ බැංකුවට මුදල් අච්චු ගැසීම සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

තෙල් සංස්ථාව විසින් මෙම මුදල ඉල්ලා ඇත්තේ ඉන්ධන මිලට ගැනීමට අවශ්‍ය ඩොලර් මිලදී ගැනීමට බවත් පවසන ඔහු රටේ ඉන්ධන ලබා දීම හෝ මුදල් අච්චු ගැසීම යන්න තීරණය කිරීමට සිදුව ඇතැයි ද සඳහන් කළේය.

Related posts

රජයේ ඉහලම ලොක්කෙක් ඉල්ලා අස්වෙයි…?

Shiran Viraj

පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න…

Shiran Viraj

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ අනුමැතිය

Shiran Viraj