Uncategorized

නිධානයක් ගන්න ගිය 09 ක් අල්ලයි… අධි තාක්ෂණික ස්කෑනරයකුත් හමුවේ…

වව්නියාව නගර්ඉලුප්පයිකුලම් ප්‍රදේශයේදී නිධානයක් ගොඩගැනීමට උත්සහ කරමින් සිටි සැකකරුවන් 09 දෙනෙකු සමගින් සකෑනර් යන්ත්‍රයක් සහ වෑන්රථයක් 05 දින අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි.

නගර් ඉලුප්පයිකුලම් ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සැකකටයුතු වෑන්රථයක් නවතා ඇති බවට යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව ඒ බව යුදහමුදා නිලධාරීන් විසින් වව්නියාව පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව වව්නියාව පොලිස් අපරාධ අංශ නිලධාරීන් එම ස්ථානයට ගොස් සිදුකරන ලද පරික්ෂාවකදී දකුණෙ සිට පැමිණ ඇති පිරිසක් විසින් පොළව යට ඇති වස්තු සෙවීම සඳහා වූ අධීතාඛක්ෂණයෙන් යුත් ස්කෑනර් යන්ත්‍රයක් භාවිතා කරමින් සිටියදී එම පිරිස සමග වෑන් රථයක්ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගන්නා ලදි.

සැකකරුවන් අවුරුදු 26 සිට අවුරුදු 50 ක් දක්වා වයසැති වව්නියාව ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්, සහ මහර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

Why you need a cheering squad in your fitness journey

Shiran Viraj

කොරෝනා මුස්ලිම් මෘතදේහ පුච්චන්න එපා.. ඒ පුච්චන්නේ අපේ සංස්කෘතියයි..- මන්නාරමේ විරෝධතා..

Shiran Viraj

iPhone 8 off to bumpy start with iPhone X in the wings

Shiran Viraj

Leave a Comment