International News News

මුදල් ගෙවන තුරු ඉන්දියාව ලංකාවේ තෙල් නැවු හතරක් රදවාගනී.. ණයට දෙන්න බෑ කියයි…- බ්ලුම්බර්ග්

ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීම සඳහා ඉන්දියාව විසින් අත්තිකාරම් මුදලක් ඉල්ලා ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම සඳහා ලබා දුන් ණය පහසුකම අවසන් වීමත් සමග මෙම දැනුම්දීම කර ඇතැයි ඉන්දීය ආරංචි මාර්ග උපුටමි එම පුවත් සේවය සඳහන් කර තිබේ.

එම වාර්තාව තවදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන මිලට ගැනීමට විදෙස් සංචිත නොමැති වීම මත ඉන්දියාව ශ්‍රී ලංකාවට තවදුරටත් ණයට ඉන්ධන ලබා දීම අත්හිටුවා ඇති බවයි.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මුදල් ගෙවීමට නියමිතව ඇති ඉන්ධන නෞකා කිහිපයක් මුදල් ගෙවන තුරු රඳවා තබා ගැනීමට ද කටයුතු කර ඇතැයි එම පුවත් සේවය කියයි.

කෙසේ වෙතත් මීළඟට ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි පැවසෙන ඉන්ධන නෞකා හතරද අත්තිකාරම් මුදල් ගෙවීමක් ලැබුණු බවට තහවුරු කිරීමක් ලැබෙන තෙක් බලා සිටින බව ද වාර්තාව තව දුරටත් කියා සිටී.

එම වාර්තාව මෙතනින්…

Related posts

ෂාෆ්ටර් නිවසට රස පරීක්‍ෂකයන්… ප‍්‍රබල සාක්‍ෂි රැසක්…

Shiran Viraj

නැවත වරක් ත‍්‍රස්තවාදය මතු වුවහොත් ද්‍රවිඩ සන්ධානය ඊට වගකිව යුතුයි

Shiran Viraj

මුහුද රළු විය හැකියි – ධීවර ප්‍රජවට සිහි කැඳවීමක්

Shiran Viraj

Leave a Comment