News Political

සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්…

පවතින ආණ්ඩුව අවසන් කර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉක්මනින්ම කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

රට තුල ඇතිව තිබෙන ජනතා උණුසුම මත මහ නාහිමිවරුන්ගේ ද ආශිර්වාදයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ඉක්මනින් සිදු කල යුතු බවද ඔහු පැවසීය.

එසේ නොකළහොත් ජනතාව පාරට බැස ඉතා නරක තැනකට රට ගමන් කරනු ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගුරුදෙණිය ප්‍රදේශීය දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

Related posts

සියළුම පාසැල් වසා දැමේ….

Shiran Viraj

ආණ්ඩුවක් හදන්න එකතු වෙන්නැයි කළ ආරාධනය ගැන ජනපතිගෙන් යළිත් පැහැදිළි කිරීමක්

Shiran Viraj

නව මහ බැංකු අධිපතිතුමනි ඔබ නිවැරදයි..- හර්ෂ

Shiran Viraj