Business Business News News

හාල්මැස්සන් කිලෝව 2000යි.. කට්ටා 3000යි…

කදුකර ප්‍රදේශ තුල හාල් මැස්සන් කරවල මිල දැඩි ලෙස ඉහල යාමත් සමග ජනතාව දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට එම ප්‍රදේශයන්හි හාල් මැස්සන් කිලෝව රුපියල් 1700ත් 2000ත් අතර මිලකට අලෙවි වන අතර කීලං බල කිලෝව රුපියල් 2700ත් 2800ත්, හුරුල්ලා කිලෝව රුපියල් 2200ත් 2300ත් කට්ටා කිලෝව රුපියල් රුපියල් 3000ක් වැනි මිලකට අලෙවි වෙයි.

මෙම තත්වයන් මත තමන්ට ආහාරය සදහා කරවල මිලට ගැනිමට නොහැකි තත්වයක් පවතින බවද ජනතාව වැඩි දුරටත් පවසති.

කරවල වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ ඩිසල් මිල ‍ඩොලරයේ අගය ඉහල යාමත් සමග කරවල මිලද මෙසේ දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත්ය.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

ජනාධිපතිට ආරක්‍ෂිතව ඇමරිකාවට යන්න අවස්ථාව සලසා දෙන්න සූදානම්..- වාසු

Shiran Viraj

කෑගල්ල අවදානමේ.. දිස්ත‍්‍රික්කයට ඇදිරි නීතිය පනවන්නැයි ඉල්ලයි..

Shiran Viraj

වතු කම්කරු වැටුප් වැඩි කල නොහැකි බව වතු සමාගම් දැනුම් දෙති…

Shiran Viraj