News Political

ජනාධිපතිට ආරක්‍ෂිතව ඇමරිකාවට යන්න අවස්ථාව සලසා දෙන්න සූදානම්..- වාසු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද මුළු රටම විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ඒ නිසා ජනාධිපතිවරයා අද ජන පදනමක් නැතැයි ද හෙතෙම පැවසීය.

එනිසා සර්ව පාක්ෂික පාලනයක් යටතේ මෙම පවතින උග්‍ර තත්ත්වයට අවසන් කර මැතිවරණයක් පැවැත්විය යුතු බවද හෙතෙම කියා සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂා සහිතව ඇමරිකාවට යාමට අවස්ථාව සලසා දීමට සූදානම් බවද පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා අසරණ කිරීමේ බලාපොරොත්තුවක් නැති බවද සඳහන් කරයි.

නමුත් ජනාධිපතිවරයා ඔහුගේ විධායක බලතල පාර්ලිමේන්තුවට ලබාදිය යුතු මොහොත දැන් එළැඹ ඇතැයි ද හෙතෙම කියා සිටියේ කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරන භාරයට

Shiran Viraj

හුදෙකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක් මුදා හැරේ

Shiran Viraj

දොස්තරලා රට හැර යාම තීව‍්‍ර වේ.. රෝහල් පද්ධතිය බිද වැටීම අතේ දුරින්…

Shiran Viraj

Leave a Comment