News Sports Sports News

LPL තරග උණුසුම මැද පිරමිඩයේ සෙලෝටේප් ඔතයි..

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රචාරක දැන්වීම් කීපයක් ම ආවරණය කිරීමට කණ්ඩායම් කලමනාකරුවන් හා තරග සංවිධායකයන් කටයුතු කර තිබේ.

ජෆ්නා කින්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ඇඳුමේ තිබූ පිරමිඩ සමාගමක සලකුණ ටේප් භාවිතයෙන් ආවරණය කර ඇති අතර ඔවුන්ගේ හෙල්මට්වල එම ලකුණද ආවරණය කර තිබේ.

අද පිටියේ ප්‍රධාන පුවරුවේද එම දැන්වීම් පෙන්වීමට කටයුතු කර නැති අතර පිටිය වටා පිහිටි තැන්වල ආවරණ කිරීමට කටයුතු කර තිබේ.

අදාල ආයතනය ක‍්‍රිප්ටො මුදල් භාවිතයෙන් පිරමීඩාකාර ගනුදෙනුවක නිරත වන බවට චෝදනා එල්ල වන අතර මහ බැංකුව ද සඳහන් කරන්නේ අදාළ ආයතනයන් සම්බන්ධයෙන් ඉතා සමීපව දැඩි නිරීක්ෂණයක සිටින බවයි.

මෙම සමාගම කි‍්‍රප්ටො මුදල් හුවමාරුවක් යයි පැවසුවද ඒ හරහා කිසිදු මුදල් ඒකකයක් වෙනත් මුදල් ඒකකයකට පරිවර්ථනය කිරීමට හැකියාවක් නැත.

Related posts

බැම්ම කැඩුනොත් හලාවතම යටවෙයි

Shiran Viraj

කොරෝනා ව්‍යාප්තියේ ආරම්භය සොයා ගැනීමට නොහැකිව නවසීලන්තය අසරණ වෙයි : දිනෙන් දින රෝගීන් සංඛ්‍යාව ඉහළට

Shiran Viraj

කටුනායක ගුවන් තොටුපොළේ සීමාවන් කිහිපයක්

Shiran Viraj

Leave a Comment