BusinessBusiness NewsNews

IMF බලාපොරොත්තුවන ආදායම ලබන්න බැරි බව රජය IMF ට දන්වයි..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලබන වසරේ පලමු කාර්තුව තුළ බලාපොරොත්තු වන මෙරට ආදායම සපුරා ගැනීමට පවතින තත්වය තුළ නොහැකි බව රජය ඔවුන්ට දැනුම් දුන් බවත් හෙතෙම පැවසීය.

එම ආදායම සපුරා ගැනීම සදහා අයකරන බදු ප්‍රමාණය ඉහළ දැමිය යුතුබව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පවසා ඇතත් ජනතාව මේවන විට අසීමිත බදු ප්‍රමාණයක් ගෙවන බැවින් තවදුරටත් බදු වැඩිකර නොහැකි බව රජය එම නියෝජිතයන්ට දැන්වූ බවත් අමාත්‍යවරයා කීය.

ඒ අනුව දෙවන ණය වාරිකය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමේ අරමුණින් එම නියෝජිතයන් කණ්ඩායම දිවයිනට පැමිණෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සුමන උදයන්ත

Related posts

LPL තරග උණුසුම මැද පිරමිඩයේ සෙලෝටේප් ඔතයි..

Malar FM

අවුරුදු පහක් ක‍්‍රිකට් තහනම් කලත් කමක් නෑ.. මුල ඉදන්ම හදන්න ඔ්නෑ..

Malar FM

පිපිරීමකින් 23 ක් මැරිලා

Malar FM