Local News News

ග‍්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයක..

අස්වැසුම සුබසාධන ක්‍රියාවලියෙන් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසීය.

එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පසුගිය 15 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි.

අස්වැසුම ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් සඳහා නිසි විසඳුම් නොලැබීමට විරෝධය පලකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කල බව සභාපතිවරයා පැවසීය.

ඊයේ (01) දිනයේ දිවයින පුරා ග්‍රාම නිලධාරින් කළු පටි පැළඳ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකද නිරත විය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

කටුනායක ගිය තවත් ක්‍රීඩා කණ්ඩායමක් ආපසු හැරි එයි

Shiran Viraj

කොරෝනා මඩින්න ශ‍්‍රී ලංකා තේ ලොව පුරා..

Shiran Viraj

කූරගල, මුහුදු මහ විහාරය පූජා භූමි ලෙස ගැසට් කරයි..

Shiran Viraj

Leave a Comment