Local News News

විමල් ‘රාම රාවණ සහ විභීෂණ නූතන කතාව’ අලුතෙන් ලියයි..

ඉන්දු පැසිෆික් සාගර කලාපයේ සිදුවෙමින් පවතින භූ දේශපාලනික මෙහෙයුම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත පර්යේෂණාත්මක කෘතිය,”රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” ජනගත කිරීම, කොළඹ 07 පිහිටි ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී(ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) 2024 මැයි මස 16 වැනිදා සවස 3:00ට සිදු කිරීමට නියමිතය.

කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා මෙම කෘතිය ජනගත කිරීමේ උළෙලෙහි ආරාධිත දෙසුම් සඳහා ඇරයුම් ලැබ සිටිති. කතුවර දේශනය විමල් වීරවංශ මහතා විසින් සිදු කරනු ඇත.

මාධ්‍ය ඒකකය

Related posts

විදේශයන්හි සිට පැමිණෙන සියල්ලන් ගුවන් තොටේදීම කොරෝනා පරීක්‍ෂා කරන්නැයි ජනපති දන්වයි..

Shiran Viraj

මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේ

Shiran Viraj

බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සමග යළිත් සාකච්ඡා කරයි

Shiran Viraj