Local News News

මන්ත‍්‍රී වරප‍්‍රසාද කපන යෝජනාව ඉදිරිපත් කෙරේ.. මාලිමාවට පෙර හේෂා බාර දෙයි..

සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙන විත් ඇත.

එම යෝජනාව ගෙන ආවේ මාලිමාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිළිබඳ සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳ ව පැහැදීමෙන් බවත් හෙතෙම පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු වරප්‍රසාද රැසක් කප්පාදු කරන ලෙස ඔහු ඉන් යෝජනා කර ඇත.

මේ වන විටත් එම යෝජනාව පාර්ලිමේන්තුවට භාරදී ඇති බවත් එය දසවෙනි පාර්ලිමේන්තුවේ පළමු මන්ත්‍රී යෝජනාව ලෙස විවාදයට ගනු ඇති බවත් හෙතෙම තව දුරටත් කියයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර තිබේ.

Related posts

රජයේ ගුරුවරුන් තම පන්තියේ සිසුනට ටියුෂන් දීමට තහනමක් නෑ..- අධ්‍යාපන නි. ඇමති

Shiran Viraj

පැය 72ක් ඇතුලත ලංකාවට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක්…?

Shiran Viraj

වාහන පවරා නොගෙන භාවිතා කරන්නන්ට දඩ…

Shiran Viraj