Local News News

තවත් අනතුරක් ද?

සේනා දළඹුවා මෙන් ඉරිගු වගාවට සහ වී වගාවට හානි කරන තවත් අමුතු දළඹුවෙක් දිඹුලාගල මනම්පිටිය වෙල්යායේ ගොයමක සිටියදී 23(අද) ගොවි මහතෙකුට හමු වී තිබේ.

මනම්පිටිය දළුකාන 286 ලිපිනයේ පදිංචි 50 වියැති එස්. ප්‍රේමදාස ගොවි මහතාට තම කුඹුරේ ගොයම් කොළවල සිටියදී මෙම දළඹුවා හමු වී තිබේ.

එම දළඹුවා ගොයම් කොළද කා ඇති අතර එවැනි දළඹුවන් තම කුඹුරේ තවත් දැකිය හැකි බව එස්. ප්‍රේමදාස පැවසිය.

අනෙකුත් වී වගාවන්ට හා භෝග වලටද වැළදීමට පෙර මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස ප්‍රේමදාස මහතා අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

කොරොනා එන්නත ජනතාවට දීම ලගදීම

Shiran Viraj

ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම් නිසා අත්අඩංගුවට ගත් දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා නිදහස් කර යවයි

Shiran Viraj

ජනාධිපති වී සියළුම විෂයන් මට පවර ගන්නවා.. නැතොත් අපි හතර දෙනාගෙන් කැබිනෙට්ටුව හදනවා..

Shiran Viraj

Leave a Comment