Local News News

තවත් අනතුරක් ද?

සේනා දළඹුවා මෙන් ඉරිගු වගාවට සහ වී වගාවට හානි කරන තවත් අමුතු දළඹුවෙක් දිඹුලාගල මනම්පිටිය වෙල්යායේ ගොයමක සිටියදී 23(අද) ගොවි මහතෙකුට හමු වී තිබේ.

මනම්පිටිය දළුකාන 286 ලිපිනයේ පදිංචි 50 වියැති එස්. ප්‍රේමදාස ගොවි මහතාට තම කුඹුරේ ගොයම් කොළවල සිටියදී මෙම දළඹුවා හමු වී තිබේ.

එම දළඹුවා ගොයම් කොළද කා ඇති අතර එවැනි දළඹුවන් තම කුඹුරේ තවත් දැකිය හැකි බව එස්. ප්‍රේමදාස පැවසිය.

අනෙකුත් වී වගාවන්ට හා භෝග වලටද වැළදීමට පෙර මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස ප්‍රේමදාස මහතා අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් ගන්න එපා – පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

Shiran Viraj

මාදිවෙල මන්ත‍්‍රී නිල නිවාස මාලිමා පිරේ.. දැනටම 60ක් පෝලිමේ..

Shiran Viraj

රන්ජන් ජනපති සමාව ඉල්ලන බව රනිල්ට කියයි?

Shiran Viraj