News Political

විදුලි අර්බුදය ආවේ මා කී ලෙස වැඩ නොකල නිසා…

ආර්ථික පීඩා හමුවේ අසරණ වූ ජනතාව විදුලිය විසන්ධි කිරීමෙන් තව දුරටත් පීඩාවට පත් කිරීම පිළිබඳ පැමිණිලි කිරීම සඳහා අද උදෑසන එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහජන උපයෝගිතා කොමිසමට පැමිණියේය.

ඒ මහතා එක්සත් ජනරජ පෙරමුණේ කාන්තා අංශය සහ පක්ෂයේ සාමාජිකයින් සමග පැමිණි අතර, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සියට විසි පහකින් විදුලි බිල වැඩි කිරීමට ගියද, අපගේ විරෝධය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් 18% කින් විදුලි බිල වැඩි කළ බවත් මාධ්‍ය අමතමින් පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ගිය වසරේ සඳහන් කළ පරිදිම, ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි හය දාහක ලාභ ලබා ඇති බවද සඳහන් කළ ඒ මහතා ඒ ලාභය ලබා ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සහ ලෙකෝ ආයතනය දශ ලක්ෂ හැට නම දහස් පන්සීය තිස් නවයකගේ (1,069,539) විදුලිය විසන්ධි කොට ඇති බව ද පැවසීය.

එයින් ලක්ෂ දහයකගේ විදුලිය විසන්ධි කොට ඇති බවත් එයට සාමානය ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්, සුලු ව්‍යාපාරිකයින්, සහ ආගමික ස්ථානද ඇතුළත් වන බවත්, මහා පරිමාණයෙන් බදු පැහැර හැර ඇති ජාවාරම්කාර ව්‍යාපාරිකයන් 1212ක් සිටින බවත් ඒ අයගෙන් අයවිය යුතු බදු රුපියල් කෝටි 95,000 ක් අයකර නොගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.

ඒකක තිස් පහට (35) අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන දහ අට ලක්ෂයක්, විදුලි පාරිභෝගිකයින් සිටින බවත් ඒ රටේ අන්ත දුප්පත් මිනිසුන් බවත් මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.

විදුලි ඒකක හැටට අඩුවෙන් පරිභෝජනය කරන හැට ලක්ෂයක් (6,000,000) ඇති බවත් සමස්ත පරිභෝජනයෙන් භාගයක්ම දරිද්‍රතාවයෙන් පෙළෙන බවත් ඒ මහතා පැවසුවේය.

රුපියල් තුන් දහසක් ගෙවා ගැනීමට අපහසු අයගේ විදුලිය විසන්ධි කොට තවත් දෙදාස් පන්සියක් එයට එකතු කිරීම කොතරම් අසාධාරණයක්දැයි චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

ඒකක තිහට අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන අය සඳහා නොමිළේ විදුලිය ලබාදුන්නද විදුලි බල මණ්ඩලය 2023 වසරේදී ලාභ ලබන බව පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ඒකක තිහ සහ හැටට අඩු අය සඳහා අනිවාර්යෙන්ම සහනයක් ලබාදිය යුතු බවත්, අසාධාරණයට ලක්වූ විදුලි පරිභෝගිකයිනුත් වෙනුවෙන් ඔවුන් ගැන කතා කීරීමටත්, ඒ පිරිසට සාධාරණයක් ඉෂ්ට කර දීමටත් මන්ත්‍රීවරයා ඇතුළු එක්සත් ජනරජ පෙරමුණේ සාමාජිකයින් මහජන උපයෝගිතා කොමිසමට පැමිණිලි කිරීමට පැමිණි බවත් ඒ මහතා පැවසීය.

විදුලි බල අමාත්‍යවරයා ලෙස 2015 දී තමන් මිල සූත්‍රයක් යෝජනා කළද, එකළ මේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළද, එය එකළ කිසිවෙකු පිළිනොගත් බවත් අද ඒ නිසා මේ තත්ත්වය උද්ගතව ඇති බවත් පාඨලී චම්පික රණවක මහතා පැවසූවේය.

විධිමත් මූල්‍ය කළමනාකරණයක් සහ වෘත්තිය පාලනයක් කොට කිසිදු ආකාරයකින් විදුලි බිල වැඩි නොකොට කළමනාකරණය කළ බවද විදුලි බල මණ්ඩලය ලාභදායී ආයතනයක්බවට පත් කළ බව ද ඒ මහතා පැවසීය.

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

Related posts

නීති කැඩු තවත් 261 ක් අත්අඩංගුවට

Shiran Viraj

රජයේ වෛද්‍ය නිලධාරින් අගමැති හමුවෙයි

Shiran Viraj

සෞඛ්‍ය වැඩ වර්ජනයෙන් හෙද සංගමය ඉවත් වේ…

Shiran Viraj

Leave a Comment