Local NewsNews

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

අද (10) සැමරෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය පදනම් කරගනිමින් මානසික රෝගීන් සමාජ ගතකිරීමේ අරමුණින්  අම්බලන්තොට රුහුණු සුව නිවහන මගින් විශේෂ පාගමනක් අද පෙරවරුවේ අම්බලන්තොට නගරයේ සිට අම්බලන්තොට  රන්ගිරි විහාරය තෙක් ගමන් කිරීමට සංවිදානය කර තිබුණි.
 1992 වර්ෂයේදී රටවල් 150 ක පමණ සහබාගිත්වයෙන් ආරම්භකරන ලද මෙම දින සැමරුමේ 26 වන සංවත්සරය  නිමිත්තෙන් මෙම පාගමන සංවිධානය කර තිබේ.
මේ සදහා හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් , ප්‍රදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයන්හි නිලධාරීන් ,අම්බලන්තොට ,හම්බන්තොට , සූරියවැව යන රෝහල් වල කාර්ය මණ්ඩලයන් මෙන්ම අම්බලන්තොට සිතිජය විශේෂ අවශ්‍යතා ඒකකයේ  ළමයින් ද මෙම පාගමන සංවිධානය කර තිබුණි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අරගලයෙන් පසු සනත්ට තනතුරක්… සංචාරක සන්නාම තානාපති වෙයි…

Malar FM

ආදායම හොයන්න රජයට උපදෙස් ගන්න සුද්දෙක් කැදවයි.. ඔහු කැමරන්ගේ ඇමතිවරයෙක්…

Malar FM

නාමල් සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කොරෝනා විදේශාධාර බාරගනී

Malar FM