Local NewsNews

අනියම් පෙම ගිනි ගනී

තම අනියම් සැමියාගේ සිරුරට පේට්‍රල් වත් කර ගිනි තැබූ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.

සිරුරට ගිනි ඇවිලීම හේතුවෙන් ගල්ගමුව – ගිරිබාව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකු ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (21) සවස ආරච්චිකට්ටුව – ආනවිළුන්දාව ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇති බව වාර්තා වේ.

සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව විවාහක දෙදරු මවකි.

ඇය තම සැමියාගෙන් වෙන්වීමෙන් පසුව මෙම පුද්ගලා සමඟ වසර 11ක පමණ කලක සිට පමණ සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට කරුණු හෙළි වි ඇති බව  පවසයි.

අදාල පුද්ගලයා රියදුරේකු ලෙස සේවය කර ඇත.

සිද්ධිය වූ දිනයේද සැකකාරියගේ නිවසට අනියම් සැමියා පැමිණ ඇති අතර එම අවස්ථාවේදී දෙදෙනා අතර බහින් බස්වීමක් හට ගෙන තිබේ.

එම බහින් බස්වීම අතර තුර සැකකාරිය විසින් අනියම් සැමියාගේ සිරුරට පේට්‍රල් විසි කර ගිනි තබා ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

තුවාල ලැබූ අනියම් සැමියාව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත්තේද සැකකාරිය විසින්ම බවත් රෝහල් ගත කර ඇති අයගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

සමාජ ජාලයන්හි අදහස් පල කරන්නන් ‘සයිබර් ආරක්ෂණ පනත’ මගින් Blackmail කරයි..

Malar FM

හොර බෙහෙත් ලොක්කාට පිස්සු.. අංගොඩට දමයි… කෙහෙලිය පූර්ණ අංගවිකල වෙන්න ආසන්නයි…

Malar FM

විදේශ පුහුණුවෙන් පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවේ රැඳීමට වැඩි කැමැත්තක් දක්වයි

Malar FM