Local NewsNews

වඳුරන්ගේ “ගල්” ප්‍රහාරයෙන් 72 හැවිරිදි පුද්ගලයෙක් ජිවිතක්ෂයට

72 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකුට වඳුරන් විසින් සිදුකළ පහර දීමක් හේතුවෙන් මියගිය පුවතක් ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර සිටිනවා. 72 හැවිරිදි ධර්මපාල් සිං නම් මෙම පුද්ගලයා නිවසේ අවශ්‍යතාවයන් සදහා දර එක්රැස් කරමින් සිටියදී මෙලෙස වඳුරන්ගේ ප්‍රහාරයට ලක්ව ඇත.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන අතර පොලිසිය සදහන් කරන්නේ ගසක සිටි වඳුරන් රංචුවක් මෙම වයෝවෘද්ධ පුද්ගලයාට ගල් වලින් ගසා ඝාතනය කර ඇති බවයි.

” ඔහුට ගල් ප්‍රහාර 20 කට වැඩි ප්‍රමාණයක් එල්ලවී තිබෙනවා. ගල් ප්‍රහාර වලින් ඔහුගේ හිසට සහ පපු ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී තිබෙනවා” යැයි මියගිය පුද්ගලයාගේ සහෝදරයා ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට ප්‍රකාශ කර ඇත.

මෙම වඳුරන්ට එරෙහිව මියගිය අයගේ පවුලේ ඥාතින් පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගෙන ඇති අතර පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ වඳුරන්ට එරෙහිව පැමිණිලි සටහන් කිරීමක් සිදුකළ නොහැකි බවයි.

ඉන්දියාවේ දෛනිකව වඳුරන්ගේ ප්‍රහාරයන් නිසා විශාල පිරිසක් තුවාල ලබන බව එරට මාධ්‍ය සදහන් කරනවා. මේ සම්බන්ධයෙන් බළධාරීන්ට සිදුකළ හැකි දෙයක්ද නොමැති බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ.

ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල ජිවත්වන පුද්ගලයින් වඳුරන් දේවත්වයෙන් ඇදහිම කාලාන්තරයක් පුරා සිදුකරනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

දැනෙන වෙනසක්”: අවසන් තීරණය අද

Malar FM

පිලිපීනයේ ප‍්‍රබල භූමිකම්පාවක්.. සුනාමි අනතුරු අගවයි..

Malar FM

ශරියා නීතිය අපිට හොඳයි.ඉන්දියානු රජය ගෙනා දික්කාසද නීතියට දහස් ගණන් කාන්තාවන් එරෙහි වුන හැටි-VIDEO

Malar FM