NewsPolitical

ඉස්සර ප්‍රභාකරන් හිටියා වගේ තමයි කරූ දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ

වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතිය තුල කිසිවෙකුටත් ස්ථාවර රජයක් පිහිටුවීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි නායක ජී.එල්. පීරිස් මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ තත්ත්වය කුමන තත්වයක පැවතියද කිසිම අවස්තාවකදී අගමැති ධූරය යළි රනිල් වික්‍රමසිංහ මහතාට පිරිනැමීමට සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙන බවත් ඔහු පැවසීය.

සියලුම කරුණු කාරණා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන තෙක් ගත් කිසිදු තීරණයක් වැරදී යැයි කිසිඳු උසාවියක් තීරණය කර නොමැති බවද ඔහු පැවසීය.

මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසූවේ පොහොට්ටුව යනු මහින්ද රාජපක්ෂ මැතිතුමා බවත් එය එතුමාගේ පක්ෂය වන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර ඇත්තේ ඉතාමත් සමීප අන්‍යෝන්‍ය සබඳතාවක් බවත්ය.

එම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාද අදහස් දැක්වීම සිදු කළ අතර ඔහු පැවසූවේ රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති තනතුරට පත් කිරීමෙන් පසුව පළවෙනි කැබිනෙට්ටුවේ සිට ප්‍රශ්න ආරම්භ වූ බවත් ජනාධිපතිවරයා සමඟ ඉදිරියට ගමනක් යෑමට නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතාද දන්නා කරුණක් වන බවත්ය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ එකම ආරක්ෂක භූමිකාව බවට අරලිය ගහ මන්දිරය පත් වී ඇති බවද ඔහු පැවසීය.

මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසූවේ පාර්ලිමේන්තුව මේ වන විට පවතින්නේ අධි ආරක්ෂිත කලාපයක ලෙසින් බවත් වෙනදා පැවති පාර්ලිමේන්තුව නොවන බවත් හා මුදා නොගත් ප්‍රදේශයක් ලෙසින් බවත්ය.

කථානායකගේ ආරක්ෂක වළල්ලක් සමඟ සාදාගත් පාර්ලිමේන්තුවක් පවතින බවත් ඔහු පැවසීය.

පෙරදී වේලුපිල්ලේ ප්‍රභාකරන් සිටි අයුරින් වර්තමානයේදී කථානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ සිටින බවත් ඔහු පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අනුරගේ යාපනයේ සමළුවට TNA නායකයොත් එයි…

Malar FM

මට බිරිදක් නැත්තේ බැරිකම නොවෙයි මගේ කැමැත්ත වෙන දෙයකට නිසා.. ඒ ගැන මට ආඩම්බරයි..

Malar FM

අපරාධකරුවන් ආරක්ෂා කළ යුගය අවසන් බවත් අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත බවත් ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි

Malar FM