NewsSportsSports News

නවසීලන්ත-පාකිස්තාන තුන්වන තරගයේ අවසන් දිනය අදයි

නවසීලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. 

ඊයේ(06) දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කඩුළු 4ක් දැවී ලකුණු 272ක් රැස් කරගෙන සිටියේය.

තරගයේ සිව්වන දිනය වන ඊයේ දිනය ආරම්භ වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුළු 2ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 26කි.

නවසීලන්ත ඉනිමේ තුන්වන කඩුල්ල ලකුණු 37දීත්, සිව්වන කඩුල්ල ලකුණු 60දීත් දැවී ගියේය.

අනතුරුව පස්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ නායක කේන් විලියම්සන් සහ හෙන්රි නිකොල්ස් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් නවසීලන්ත ඉනිම ගොඩ නැගීමට සමත් විය.

ඔවුන් දෙදෙනා ඊයේ දිනය නිමාවන විට පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නගා තිබූ සබඳතාව ලකුණු 212කි.

නායක කේන් විලියම්සන් ඊයේ සිය ටෙස්ට් දිවියේ 19වැනි ශතකය රැස් කළේය.

ඊයේ දිනය නිමා වනවිට ඔහු නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 139කි.

හෙන්රි නිකොල්ස් නොදැවී ලකුණු 90ක් රැස් කළේය.

ඒ අනුව නවසීලන්තය තවත් කඩුළු 6ක් අතැතිව පාකිස්තානයට වඩා ලකුණු 198ක් ඉදිරියෙන් සිටියි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකි 61ක් අපට වැඩියි.. ඉන්දියාවත් එක්ක පිරිපහදුවක් දාලා ලෝකෙට තෙල් සපයනවා..- ජනපති..

Malar FM

බොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් අලි මරණ

Malar FM

මට ජනාධිපති වෙන්න අවස්ථාව තිබෙනවා.. කේන්දරේ රාජ යෝගද තිබෙනවා..

Malar FM