NewsPolitical

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹීමට පෙර මෛත්‍රි – මහින්ද මන්ත්‍රිවරු සමග සාකච්ඡා කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ඒ සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිතයි.

එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් අයවැයේදී ආණ්ඩුවට සහය දැක්වීමේ සූදානමක් ඇති බවට වන වාර්තා සම්බන්ධයෙන් ද නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා.

එහිදී සඳහන් කළේ සිය පක්ෂයේ සාමාජිකයින් අවශ්‍ය නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රිවරුන්ගේ සහය නොලැබීම තුළ අයවැය පරාජයවීමට ඉඩ ඇති බවයි.

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය හෙට (08) ආරම්භවීමට නියමිතයි. ඒ පිිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමටයි නියමිතව ඇත්තේ.


(under the courtesy of nethnews.lk news web)

Related posts

විකල්ප සියල්ල අසාර්ථකයි.. රිලවුන් සංහාරයකට සාකච්චා..

Malar FM

අර්බුදයෙන් පීඩාවට පත් ශ‍්‍රී ලංකාවට ඕස්ටේ‍්‍රලියාවෙන් සහල් තොග…

Malar FM

අගමැති මහින්ද සියළු උත්සව අවස්ථාවන්ට සහභාගී වීම අතහරී…

Malar FM