International NewsNews

කාන්තාවක් නිසා රජෙක් කිරුළ අතහරී

මැලේසියාවේ 05වන සුල්තාන් මුහම්මද් රජු සිය කිරුළ අත්හැර තිබෙනවා. මැලේසියානු රජෙකු සිය කිරුළ අතහැරි පළමු අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසයට එක්වන්නේ.

මීට වසර 60කට පමණ පෙර මැලේසියාව, බි‍්‍රතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ අතර මේ වනතෙක් එරට කිසිඳු රජෙකු මෙලෙස සිය කිරුළ අතහැර නැහැ. කෙසේවෙතත් මැලේසියාවේ රාජකීය මාලිගය මෙතෙක් රජුගේ ඉල්ලා අස්වීමට හේතු සඳහන් කර නැහැ.

එහෙත්, මෙම ඉල්ලා අස්වීම වහාම කි‍්‍රයාක්මක වන බවයි දන්වා ඇත්තේ. 

කෙසේවෙතත් මුහම්මද් රජුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ඉකුත් දිනවල ඇතැම් වාර්තා පළවි තිබුණා. එම වාර්තාවන්හි සඳහන් වූයේ රජු රුසියානු කාන්තාවක් සමග විවාහ වී ඇති බවයි. එය රජුගේ ඉල්ලා අස්වීමට හේතුවන්නට ඇති බවටයි ඇතැම් මාධ්‍ය පවසන්නේ. 

මුහම්මද් රජු ඉකුත් නොවැම්බර් මාසයේ ලෙඩ නිවාඩු ලබා ගෙන තිබුණා. පසුව ඔහු රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් එරට හිටපු රූ රැජිණක් සමග විවාහ වී ඇති අතර එහි ඡායාරූප මාධ්‍ය ඔස්සේ පළවී තිබුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

නැවතත් 02.00ට ඇදිරි නීතිය.. තවත් 06ක් එක දිගට..

Malar FM

කාලය ඉකුත් වු රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට අද සිට සහන කාලයක්

Malar FM

අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව සියල්ලන් ගන්නේ අපේ බෙහෙත්.. එත් ඒක කියන්නෙ නෑ..- බස්නාහිර ආයුර්වේද කොමසාරිස්

Malar FM