International NewsNews

හමුදා හිස්වැසුම් පැළඳ ආපු ඉන්දීය කණ්ඩායමට පාකිස්ථානය ප්‍රතිචාර දක්වයි

ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ දේශපාලන අර්බුදය ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළින් යළි මතුවී තිබෙනවා.

ඊට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවට එරෙහි 03 වන එක්දින ක‍්‍රිකට් තරගයේදී ඉන්දීය ක‍්‍රීඩකයින් හමුදා හිස්වැසුමක් පැළඳ ක‍්‍රීඩා කිරීමයි. 

ඊට ප‍්‍රතිචාර දක්වමින් පාකිස්තානය පවසන්නේ ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි පියවරක් ගත යුතු බවයි. පාකිස්තානයේ ස්ථාවරය පිළිබඳ සම්පූර්ණයෙන්ම වැරදි වැටහීමක සිටින බවත් දේශපාලනය, ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ කරගත යුතු නැති බවත් ඔවුන් අවධාරණය කරනවා.

මේ සම්බන්ධයෙන් අයි. සී. සී. ය සමග දැඩිව කටයුතු කරන බවද පාකිස්තාන ක‍්‍රිකට් සභාපති ඒෂාන් මානි පවසනවා. 

කෙසේවෙතත් ඉන්දියාව පැවසුවේ ඉකුත්දා පුල්වාමාහි දී එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මියගිය හමුදා සාමාජිකයින්ගේ පවුල් වෙනුවෙන් පිහිටවූ අරමුදලකට දායක වීම මෙහි අරමුණ වූ බවයි. අදාළ ත‍්‍රස්ත ප‍්‍රහාරය පාදක කර ගනිමින් ඉන්දියාව සහ පාකිස්තානය අතර උණුසුම් තත්වයක් හට ගැණුනා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අවට සල්ලි තියෙන අයගෙන් ආධාර එකතු කරලා සියළු පාසල් නඩත්තු කරනවා…

Malar FM

නන්දලාල්ට කට වහගන්නැයි මාලිමාවෙන් දැනුම් දීමක්..

Malar FM

ඇන්ටිජන් රෙද්ද ගලවන්න ද…- දිලිත්

Malar FM