Local NewsNews

ජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගතවීමට දුන් අවසරය අවලංගු කරන්නැයි නීතිපති ඉල්ලයි

මහ බැංකු බැදුම්කර වංචාවට අදාල මහේස්ත‍්‍රාත් පරීක්ෂණවලදී විදෙස් ගමන් තහනමකට ලක්වූ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට විදේශගත වීමට ලබා දී ඇති අවසරය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා මෝසමක් ගොනුකර තිබෙනවා.

නීතිපතිවරයාගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් හෙට දිනයේ කරුණු ඉදිරිපත් කරන ලෙසයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කර ඇත්තේ.

දියණියගේ විවාහ මංගල උත්සවයට සහභාගී වීම සදහා ජූලි 1වනදා සිට 11 වනදා දක්වා සිංගප්පූරුවේ සංචාරය කිරීමට මහේස්ත‍්‍රාත්වරිය මීට පෙර ජෙෆ්රි ඇලෝසියස්ට අවසර ලබාදුන්නා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කෑලි කැපිය හැකි මීදුමක් කදුකරයේ…

Malar FM

දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට ඩිජිටල් කාඩ් පතක්

Malar FM

දුම්රිය ප‍්‍රමාදයට හේතුව ආර්ථික අර්බුදයයි…- සාමාන්‍යාධිකාරී

Malar FM