NewsSportsSports News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අමතක නොවන ජයක් හිමි කරගනී

පාකිස්තානයට එරෙහිව පළමුවරට පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (07) රාති‍්‍රයේ සමත් වුණා.

ඒ, දෙරට අතර පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගණයේ පැවති දෙවන පන්දුවාර 20 කි‍්‍රකට් තරගය ලකුණු 35කින් ජය ගනිමින්.

ඒ අනුව තරග 3 කින් සමන්විත මෙම තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා. මෙහිදී ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වන පාකිස්තානය එම සටහනේ 8 වන ස්ථානයේ පසුවන ශී‍්‍ර ලංකාව හමුවේ යළිත් පරාජයවීම විශේෂත්වයක්.

ජ්‍යෙෂ්ඨ කි‍්‍රඩකයින් නොමැතිව දසුන් ශානක ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් යළිත් පාකිස්තානු කණ්ඩායම පරාජයට පත් කිරිම කැපී පෙනුනා. 

ඊයේ පැවති තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 6 ක් දැවි ලකුණු 182 ක් රැස් කළා. ලද අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගත් භානුක රාජපක්‍ෂ එහිදී පන්දු 48කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 77 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වුණා.

ෂෙහාන් ජයසූරිය ලකුණු 34 යි. දසුන් ශානක පන්දු 15කදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 27 ක්.

ලකුණු 183 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායමට පන්දුවාර 19 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 147 ක් පමණයි. 

පාකිස්තානු ඉනිමේ මුල් කඩුළු 5 ලකුණු 52 ක් තුළ බිද දැමීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් වුණා. සුපිරි පන්දු යැවීමක නිරත වූ නුවන් ප‍්‍රදීප් ලකුණු 25 කට බිද හෙළු කඩුළු සංඛ්‍යාව 4 ක්.

වනිදු හසරංග කඩුළු 3 ක් සහ ඉසුරු උදාන කඩුළු 2 ක් දවා ගැනීමට සමත් වුණා.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ භානුක රාජපක්‍ෂයි. ශී‍්‍ර ලංකා – පාකිස්තාන 3 වන සහ අවසන් පන්දුවාර 20 කි‍්‍රකට් තරගය ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගණයේදී හෙට (09) පැවැත්වීමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

විදුලිය බෙදා හැරීමට දෙන ජපන් ආධාර නවත්වයි -අපිට පාඩුවක් නැහැ – ඩලස් කියයි

Malar FM

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව ශ්‍රී විජයපාර, වැල්ලවත්ත පාරේ පිහිටි දුගී ජනයා වෙත වියළි ආහාර ලබා දීම – ආචාර්ය එම්. ශිරාන්

Malar FM

සිපෙට්කෝ තෙල් මිල ඉහලට..?

Malar FM