NewsPolitical

මහින්ද සමග කල සාකච්චාවක හඬපටයක් හැන්සාඩ් ගත කලා..- රන්ජන්

තමන් සමඟ දුරකතන සංවාද වල යෙදුණු සියලු දෙනා නිදැල්ලේ සිටියදී තමන් පමණක් බන්ධනාගාර ගත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.

නීතිය මෙසේ වූයේ කුමක් නිසා දැයි තමන් ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන බව ද ඔහු කියා සිටියේය.

අද හඬ පරීක්‍ෂාවක් සදහා ගෙන ආ අවස්ථාවේ ඔහු මේ බව පැවසීය.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු ගේ සහ ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ හඬ පට ඇතුළත් සංවාද කිහිපයක් තමන් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කළ බවද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සිදුකරන ලද එක් සංවාදයක්ද හැන්සාඩ් ගත කරන බව පැවසූ ඔහු සමග සිදු කළ තවත් සංවාද කිහිපයක් තමා සතු බවද කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බදුල්ලේ උණුසුම වැඩිවී කැරළි මර්දන ඒකකය ගෙන්වයි

Malar FM

ගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් කෝටි 30ක අයුතු ලාබයක්…

Malar FM

අද රට මිලිටරිකරණය කරලා.. හමුදාව රථවාහන හසුරුවන්නේ ඒ නිසා.. හමුදා භීතියෙන් ගැලවෙන්න සජිත් අගමැති කරන්න..

Malar FM