EntertainmentEntertainment NewsNews

සුනිල් සර්ගේ ෆිල්ම් එක මිස්වෙච්ච එකටනම් දුකයි චමීෂා දිසානායක

මේ වන විට නවක රංගන ශිල්පිනියන් රැසක් පුංචි තිරයට ආගමනය වී සිටිනු දක්නට ලැබේ. නිර්මාණය වන නාට්‍ය ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩි වී තිබීම හේතුවෙන් අලුත් තාරකාවන් නිරන්තරයෙන් ඒවා සමඟින් හඳුන්වා දීම සිදු වේ. චමීෂා දිසානායක ද එවන් වූ තැනැත්තියකි. මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන රැස් ටෙලි සිතුවමේ ප්‍රධාන චරිතය රඟන්නේ ඇයයි. වෙළෙඳ දැන්වීම් රංගනයට වැඩි රුචිකත්වයක් දැක් වූ චමීෂාගේ පළමුවන ටෙලි රංගනය ද ඇතුළත් වූයේ රැස් නාට්‍යයටය. ඇය ඔබට හඳුන්වාදීමට ඇයට අපි සරසවියට එන්න කියා ඇරැයුම් කෙරුවෙමු.

කොහොමද චමීෂා?

හොඳින් ඉන්නවා.

රැස් නාට්‍යයේ ඔබේ චරිතය ගැන කතා කළොත්?

දසුනි රන්දෙණිය. නාට්‍යයේ හැටියට ඇය ප්‍රසිද්ධ රංගන පවුලක දුවෙක්. හරිම දඟකාර කෙළිලොල් චරිතයක්.

ටිකක් ඔබ වගේ?

ටිකක් නෙවෙයි අයියා බොහෝ ගතිගුණ මං වගේ.

ඇයි රැස් නාට්‍යයේ රංගනයට ඔබ කැමැති වුණේ?

මං ගොඩක් රඟපෑවේ කමර්ෂල්වල. මං හරිම ආසයි එවයේ රඟපාන්න. මට කමර්ෂල් නැතිවේවි කියලා හිතලා කතා කරපු නාට්‍යවලට බැහැ කියලා කිව්වා. රැස් නාට්‍යයට කතා කළාමත් එහෙමයි. එතකොට එයාලා මං වගෙ කර්ලි හෙයාර් එකක් තියෙන ගෑනු ළමයකුව හොය හොය ඉඳලා තියෙනවා. අධ්‍යක්ෂවරයා මට නාට්‍යයේ කතාව වෙන්නෙ මෙහෙමයි, මගේ චරිතය කොහොමද ගොඩනැඟෙන්නේ කියලා කිව්වා. මට නාට්‍යයේ කතාවටයි චරිතයටයි ආස හිතුණා. හොඳ වැඩක්නෙ කියලා හිතලයි කැමැති වුණේ.

අද වන විට මොකද හිතෙන්නේ?

දැන් මට ටෙලි නාට්‍ය රඟපාන්න ආසාවක් ඇති වුණා.

දැන් චමීෂට හිතෙන්නේ නැද්ද පෙර නිර්මාණ අතහැරපු එක අපරාදෙ කියලා?

වෙන නිර්මාණ ගැන දුකක් නැහැ. ඒත් මට ප්‍රොෆෙසර් සුනිල් ආරියරත්න සර්ගේ මූවි එකක් මිස් වුණා. ඒකට තමයි පොඩි හරි දුකක් තියෙන්නේ.

රැස් රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?

මට මුල් කාලේ ඩයලොග් කියන එක හරිම අවුල්. ඒකට මං හුරු නැහැනෙ. ගොඩක් අවස්ථාවලදී වැරදුණා. පස්සේ පස්සෙ ඒක හරි ගියා.

ඔය රැලි කොණ්ඩෙ දැන් වෙනස් කරන්න බැරි වේවි?

ඔව්. හැබැයි මට නියම වැඩක් වුණානෙ. ටෙලි නාට්‍ය හැදෙන්නේ කොහොමද කියලා ඇත්තටම මං දන්නේ නැහැ. කන්ටිනිවිටි එහෙම තියෙනවනෙ. මං ඕවා දන්නේ නැතුව කොණ්ඩෙ පාට කරලා වෙනස් කළා. මං එදා ලොකේෂන් එකට ගිය දවසේ අධ්‍යක්ෂවරයා හරිම අවුල්. ඔහු මට පැහැදිලි කරලා දුන්නා චරිතයක් දුන්නම ඒක ගොඩ නැඟෙන්න ඕන විදිහ. අපේ ස්වරූපය කොහොමද තියාගන්න ඕන වගේ දේවල්.

චමීෂාගේ පදිංචිය?

කොළඹ.

ඉගෙන ගත්තු ඉස්කෝලේ?

වැල්ලවත්ත ශාන්ත ලෝරන්ස් විදුහල.

උපන් දිනය?

දෙදහස් දෙකේ මැයි තුන.

ඔබ වැනි සුරූපී තරුණියකට ආදර යෝජනා නෑවිදින් ඉන්න බැහැ?

ආවා. ඒවා නම් නිතරම එනවා. ෆීල්ඩ් එකේ කිහිප දෙනෙකුත් කිව්වා මාව විවාහ කර ගන්න කැමැතියි කියලා. තවම මං ගමන පටන් ගත්තා විතරනෙ අයියා. ඒ අයව තරහා නොකරගෙන යෝජනා මඟ හැරියා.
( උපුටා ගැනීම සරසවිය පුවත් පත ඇසුරෙනි )

Related posts

ජනපතිගේ තීරණය කියන්න එජාප ඇමතිවරුන් කැඳවයි

Malar FM

SJB විරෝධතාවට ආ බස් රථ හරවා යවති.. මහ පාරේ විරෝධතා.. උණුසුම් තත්වයක්..

Malar FM

කතානායකගේ නිවසත් වටලන බව කියයි…

Malar FM