International NewsNews

විදෙස් රටක හිටපු ජනපතිවරයෙකුගේ දියණියක් කළ දැවැන්ත සූරාකෑමක් ගැන තොරතුරු

අප‍්‍රිකාවේ ධනවත්ම කාන්තාව ලෙස නම් දරා සිටි ඉසබෙල් ඩොස් සැන්ටෝස් සිය වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳ අනාවරණය වීමත් සමග එම කලාපය තුළ මතභේදාත්මක තත්ත්වයක් උද්ගතවී තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ රහසිගත ලේඛණ කිහිපයක් පිටවීමෙන් මෙම තොරතුරු අනාවරණ වී ඇති බවයි.

ඇන්ගෝලානු ජාතික ව්‍යාපාරික කාන්තාවක් වන ඉසබෙල් ඩොස් සැන්ටෝස් මෙලෙස ධනවත් වී ඇත්තේ සිට රටේ ඉන්ධන, දියමන්ති සූරාකෑමෙන් සහ වෙනත් ගනුදෙනු වලින් ඉපයූ ලාභවලින් බවයි එම වාර්තා අනාවරණ කර ඇත්තේ.

සිය පියා වන ජෝස් සැන්ටෝස් ඇන්ගෝලාවේ ජනාධිපතිවරයාව සිටි සමයේ ඇය මෙලෙස ස්වභාවික සම්පත් සූරා කෑමට ලක් කර ඇතැයි සඳහන්.

කෙසේවෙතත් තමන්ට එල්ල වන චෝදනා ඉසබෙල් ඩොස් සැන්ටෝස් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මං රට පාලනය කරද්දී පවතින ක‍්‍රමය වෙනස් කරනවා..- උවිදු විජේවීර

Malar FM

රථවාහන දඩ මුදල් මාර්ගගතව ගෙවීමේ GOV PAY යෙදුම පිළිබඳ නුවරඑළිය දිස්ත්‍රික් පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ

Malar FM

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) තීරණය කර තිබේ. 

Malar FM