International NewsNews

ඉන්දියානුවන් දෙදෙනෙකුත් ‘කෝවිඩ් 19’ වෙත ගොදුරු වෙයි

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී සුවය ලැබූ පිරිස 5,963 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් 5,899 දෙනෙකුම සුවය ලබා ඇත්තේ චීනයේදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නව කොරෝනා ආසාධනය වී සුවය ලැබූ  පුද්ගලයින් 15 දෙනෙකු සිංගප්පූරුවෙනුත්, 10 දෙනෙකු තායිලන්තයෙනුත්, 06 දෙනෙකු වියට්නාමයෙනුත් වාර්තා වනවා.

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛසරය ආසාධනයවීමෙන් චීනය තුළ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව වාර්තා ගත ලෙස පහළ ගොස් ඇතැයි ඇතැම් විදෙස් මාධ්‍ය අද (13) උදෑසන වාර්තා කළා.

එහෙත් එම මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති අතර දැනට වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව 1,367 ක්.

මේ අතර ජපානයේ රඳවා තිබෙන ඩයමන්ඞ් පි‍්‍රන්සස් නෞකාවේ සිටින කොරෝනා ආසාධනය වී ඇති බවට හෙළිවුණු 174 දෙනා අතර ඉන්දියානුවන් දෙදෙනෙකු ද සිටින බව එරට මාධ්‍ය අද වාර්තා කළා.

ඔවුන් දෙදෙනා නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින්. අදාළ නෞකාවේ සිටින 3,700 දෙනා අතර සිටින ඉන්දියානුවන් ගණන 138 ක්.

චීනයෙන් පසුව ලොව වැඩිම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ජපානයෙන්. ඩයමන්ඞ් පි‍්‍රන්සස් නෞකාවේ සිටින කොරෝනා ආසාධිතය වී ඇති බවට තහවුරු වූ පිරිස දිනක් ඇතුලත ඉහළ යාම ඊට හේතුවුණා.


(under the courtesy of nethnews.lk news web)

Related posts

ගංඟා වැලි ඇසුරුම් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක්

Malar FM

කාවන් රත්නායක ලංකා බැංකු සභාපති ධුරයට පත් කරයි…

Malar FM

ජනාධිපතිවරණයක්… පොහොට්ටු බලමුළු කැදවයි.. අලුත් සන්ධානයක්…

Malar FM