Local NewsNews

ගැඹුරු මුහුදේ දී අයිස් හා කොකේන් කිලෝ 1000 ක් නාවික හමුදා බාරයට

ශ්‍රී ලංකා නාවික හමුදවේ ගැඹුරු මුහුද ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංනානෞ සයුර මඟින් 2020 මාර්තු 28 වන දින උදෑසන 09.30 පැයට පමණ ශ්‍රී ලංකාවේ දකුණු වෙර‍ළේ සිට නාවික සැතපුම් 463ක පමණ දුරකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යාත්‍රාවක් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම විදේශීය යාත්‍රාව රාජ්‍යක ධජයක් රහිතව (Flag state) සහිතව ජාත්‍යන්තර මුහුදේ දී නිරීක්‍ෂණය කර, එය පරීක්‍ෂාවට ලක් කල අතර, එහි තිබී ICE නම් මත්ද්‍රව්‍ය 500kg පමණ වන ප්‍රමාණයක් ද, කොකේන් ලෙස සැක කරන මත්ද්‍රව්‍ය 500 kg ප්‍රමාණයක් ද සොයා ගත් බව නාවික හමුදාව පවසයි.

තවද එහි බාබුල් නම් මත්ද්‍රව්‍ය පැකට් 200ක් සහ තවත් හඳුනා නොගත් මත් පෙති 100g ක් පමණ වන ප්‍රමාණයක් ද ඇති බව වාර්තා වෙයි.

ඒවායේ විදී අගය (Street Value) මත මූල්‍යමය වටිනාකම මෙතෙක් ගණනය කර නොමැති අතර, පොදුවේ සියල්ලම ගත් කල රුපියල් මිලියන 12,500.00 ට අධික වේ යැයි අනුමාන කෙරෙයි.

මෙම විදේශීය යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුර පරීක්‍ෂණ සඳහා අප්‍රේල් මස 01 වන දින දික්ඕවිට වරායට ගෙන දැඩි පරීක්‍ෂාවකට පත් කිරීමට නියමිතයි.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ඩොලර් නෑ.. චීනය-ඉන්දියාව-ඔස්ට්‍රේලියාව ආදී රටවල් ලංකාවට ආහාර සැපයීම සීමා කරයි.. ආහාර හිගයක් අතේ දුරින්..

Malar FM

පාස්කු ප්‍රහාරයට කවදාවත් සාධාරණයක් ඉටු කරන්න බැහැ…

Malar FM

අධ්‍යාපන මොඩියුලවල දෝෂ 150ක් පවතින බවත් රුපියල් කෝටි හයක මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බවත් රෝහිණි විජේරත්න පවසයි

Malar FM