Local NewsNews

පුත්තලමෙන් හමු වු කොරෝනා ආසාදිතයින් මලයාසියාවේ දේව මෙහෙයකට සහභාගී වු පිරිසක්

ඊයේ (31) රාත්‍රියේ වාර්තා වූ කොරෝනා ආසාදිතයිගෙන් 10 දෙනෙකුම පුත්තලම ප්‍රදේශයේ වන අතර මොවුන් මලයාසියාවේ දේව මෙහෙයකට සහභාගී වී පැමිණි අය සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් බවට තොරතුරු වාර්තා වී තිබේ.

කෙසේවෙතත් කොරෝනා වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 17 දෙනෙකු ඊයේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියේය.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 124 දෙනෙකු අයි.ඩී.එච් රෝහල ඇතුලු රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබයි.

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පල කරන තවත් රෝගීන් 173 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් රෝහල්ගතව සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 02ක්.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ජපානයට…

Malar FM

ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිංදුවයි..- මුදල් ඇමතිගෙන් ප‍්‍රකාශයක්..

Malar FM

යුරෝපා කලාපයට වෛරසයේ බලපෑම තවදුරටත්

Malar FM