Local NewsNews

මුලතිව් ගුවන් හමුදා කඳවුරෙහි නිරෝධායනය වු පිරිසක් නිවෙස්වලට

ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුරෙහි නිරෝධායනයට ලක්වූ පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර හැර තිබේ.

විදෙස් රටවල සිට පැමිණ මුලතිව් ගුවන් හමුදා කඳවුර තුළ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදීසිටි 203 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස නිරෝධායන කාලසීමාව අවසන් කිරිමෙන් පසු සිය නිවෙස් වෙත පිටත් කර හැරිමට පියවර ගත් බවයි ගුවන් හමුදා මූලස්ථානය පැවසුවේ.

පසුගිය මාර්තු මස 22 වනදා සිට මෙම පිරිස නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිට ඇත.

ඔවුන් නිවෙස් වෙත පිටත් කර හැරිම සඳහා ප්‍රවාහන පහසුකම්සැලසීමට ද පියවර ගත් බවයි ගුවන් හමුදා මූලස්ථානය පැවසුවේ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

අලි අල්ලන මෙහෙයුම අතහැරිය නියෝජ්‍ය ඇමති අලි බලාගන්න ගිහින් (PHOTOS)

Malar FM

නේපාලයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

Malar FM

ඉදිරියේදී ඉන්ධන ගැටළුව තවත් දරුණු වෙනවා.. LC විවෘත කරන්නවත් බෑ… අත්පිට මුදලටත් අමාරුයි…- ඇමති

Malar FM