Local NewsNews

ඉරණවිලටත් කොවිඩ්-19 රෝගී ප්‍රතිකාර රෝහලක්

හලාවත ඉරණවිල “අමෙරිකන් හඬ” සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය කොවිඩ් – 19 වෛරස අසාධිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් බවට පත් කිරීමට පියවරගෙන ගෙන තිබේ.

එම රෝහල විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණි.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 185 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේදී රෝගීන් 07 දෙනෙකු වාර්තා වී ඇති අතර එම රෝගීන් අතරින් තිදෙනෙකු පූනානී නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටදී සිදු වූ හය වැනි මරණය ඊයේ උදෑසන වාර්තා වූයේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලෙන්ය.

දෙහිවල අරුණාලෝක මාවතේ පදිංචිකරුවෙකුව සිටි වයස අවුරුදු 80 ක පුද්ගලයෙකු මෙලෙස මියගියේය.

මෙලෙස මියගිය පුද්ගලයාගේ දියණියගේ සැමියා සංචාරක මගපෙන්වන්නෙක් වන අතර ඔහු ඇතුලු මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ මුණුබුරාද මෙවන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලේ ප්‍රතිකාර ගනු ලබයි.

ඔහුගේ දේහයේ ආදාහන කටයුතු ජාත්‍යන්තර නිරෝධායන පනතේ රෙගුලාසි වලට අනුකූලව කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

නීති විරෝධී ලෙස ගෙන්වූ කහ තොගයක් සමඟ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සහ අල්ලස් ගත් රේගු නිළධාරීන් අත් අඩංගුවට!

Malar FM

කාලගුණයෙන් සීතල වුණ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් නිසා උණුසුම්

Malar FM

එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි… ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බැරිවෙයි..- මැදගොඩ හිමි..

Malar FM