Local NewsNews

කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකු ඇතුලත් වීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමා තිබේ.

කුරුණෑගල, කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙනත් රෝගී තත්ත්වයක් ඇති බව පවසා ඊයේ(09) පස්වරුවේ එම රෝහලට ඇතුළත් වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසුවේය.

පසුව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී ඔහු කොවිඩ් නයින්ටීන් වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ති‍බේ.

ඒ අනුව එම රෝගියා කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොවිඩ් නයින්ටීන් සැකසහිත රෝගීන් රඳවා සිටින ඒකකය වෙත මාරු කර යැවිමට පියවර ගත් බව අධ්‍යක්ෂවරයා පැවසුවේය.

මෙම තත්ත්වය තුළ එම රෝගියාට නිරාවරණය වූ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 39 දෙනෙකු එම ඒකකයෙන් ඉවත් කිරීමට ද සිදුවූ බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් වෙනත් ඒකකයක් හරහා රෝහලට රෝගීන් ඇතුළත් කර ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව සරත් වීරබණ්ඩාර මහතා පැවසුවේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ආපදා වන්දි ඉහළට: මරණයක් සඳහා රු. ලක්ෂ 10ක්, නිවාස සඳහා රු. ලක්ෂ 100ක් දක්වා – මන්ත්‍රී රවින්ද්‍ර සෙනරත්

Malar FM

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

Malar FM

ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරණයෙන් බේරා ගැනීම සදහා පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි..- JVP

Malar FM