Local NewsNews

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසින් ඊයේ(10) දිනයේ සිට බලැපැත්වෙන පරිදි අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.

ඒ අනුව කීරි සම්බා කිලෝග්‍රැම් 01ක උපරිම සිල්ලර මිල 125ක් වන අතර තම්බන ලද සුදු හා රතු සම්බා කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රුපියල් 90ක් වෙයි.

සුදු හා රතු කැකුළු සම්බා කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල මෙන්ම තම්බන ලද සුදු හා රතු නාඩු  කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල ද රුපියල් 90ක් වන බව අදාල ගැසට් නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම සුදු හා රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 85ක උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළීබඳ අධීකාරිය විසින් සහල් වර්ග සදහා නියම කර ඇති මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට ඒවා වෙළඳාම් කිරිම, වෙළඳාම් කිරිම සදහා ඉදිරිපත් කිරිම හා වෙළඳාම සදහා ප්‍රදර්ශනය කිරිම නොකළ යුතු බව ද ගැසට් නිවේදනයේ සදහන්ය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

කොළඹ ආසාදිතයන් විශාල ලෙස ඉහල යනවා.. වෛරසය අපේ පාලනයෙන් ගිලිහෙනවා..- PHI සංගමය

Malar FM

නොවැම්බර් 30 ජනාධිපතිවරණය..

Malar FM

ජනපතිතුමා ඉන්ද්‍රජාලකයෙකු තමයි…- ගම්මන්පිල

Malar FM