Local NewsNews

තවත් පුද්ගලයින් 265 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අද

තවත් පුද්ගලයින් 265 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අද ලැබීමට නියමිත බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (17) උදෑසන දෙරණ අරුණ වැඩසටහන සමඟ සජීවීව එක්වෙමින් හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ වන විට මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරසය අසාදනය වූ රෝගීන් ගණන 238ක්.

වෛසරය ආසදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 07ක්වන අතර පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 68ක් ලෙස වාර්තා වේ.

වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 163 දෙනෙකු මේ වන විට රෝහල් ගතව සිටියි.

කෙසේ නමුත් ඊයේ (16) දිනයේදී කිසිදු රෝගියෙකු වාර්තා නොවූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. 
(under the courtesy of adaderana.lk news web)

Related posts

පුංචි ඡන්දය පස්සට.. ජනාධිපතිවරණය කැදවයි.. අපේක්‍ෂක රනිල්…

Malar FM

මා බලය ගන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීවයි.. සන්නද්ද අරගලයකින් නොවේ..- උවිදු

Malar FM

ගංජා අපේ ඉතිහාසය සමග බැදුනු දෙයක්.. රාවණා රජුගේ සිට භාවිත කලා..- ඇමතිනී ඩයනා

Malar FM