News Political

පැවති පාර්ලිමේන්තුව කැදවීම ගැන හිටපු කතානායකගෙන් නිවේදනයක්..

හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

රට තුළ ව්‍යවස්ථා අර්බුදයක් ඇති වීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලා සිටිමින්ද, එවන් කැදවීමකදී වසංගත උවදුර ජයගැනීම සඳහා රජයට පුුර්ණ සහය ලබාදෙන බවට ප්‍රතිඥා දෙමින්ද, පාර්ලිමේන්තුව නියෝජනය කළ විපක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් විසින් ගරු ජනාධිපතිතුමා වෙත කර ඇති යෝජනාව මෙම අර්බුදය විසඳීමට සියලු පාර්ශවයන්හි සහභාගීත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ගතහැකි කාලෝචිත පියවරක් බව මාගේ හැඟීම විය.

එහිලා වු යහපත් අරමුණු ඉටුකර ගැනීම සඳහා කිසිදු පැකිලිමකින් තොරව හිටපු කථානායකවරයා ලෙස මාගේ සහය ලබාදෙන බවද මින් පෙර නිල ට්විටර් සටහනක් මගින් ප්‍රකාශ කළෙමි.

එය කිසිදු විටෙක මා විසින් පාර්ලිමේන්තුව කැඳවීමේ යෝජනාවක් ඉදිරිපත් කිරිමක් නොවන අතර සද්භාවයෙන් හා පිරිසිදු සිතින් යුතුව මාතෘභූමියේ යහපත වෙනුවෙන් කරන ලද යෝජනාවකට සහය දැක්වීමක් පමණි.

මාගේ එම ස්ථාවරය ඇතැම් පුද්ගලයන් විසින් ශිෂ්ඨසම්පන්න නොවන ආකාරයට අර්ථ දැක්වීම අභාග්‍යයකි. මා මින් පෙර ප්‍රකාශ කර ඇති ලෙසටම හිටපු කථානායකවරයා ලෙස ඒකපාර්ශවිකව පාර්ලිමේන්තුව කැඳවා රට තුළ පැන නගිමින් පවතින ව්‍යවස්ථා අර්බුදයක් වඩාත් උග්‍ර තත්වයට පත් කිරිමට මා දායක නොවන බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අධිකරණයේ තීරණ ප්‍රකාරව කටයුතු කිරිමට බැඳි සිටින බවටත්, ජාතික වගකීමකින් යුතුව ප්‍රකාශ කරමි.

කරු ජයසුරිය
හිටපු කථානායක
(under the courtesy of lankacnews.com news web)

Related posts

අන්තර්ජාලයෙන් මුදල් වංචා කර රට වටේ ගේම් දුන් ගාල්ලේ තරුණයෙකු පොලීසියට කොටුවෙයි

Shiran Viraj

ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි

Shiran Viraj

බංග්ලාදේශය පැරදු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අවසන් මහා තරගයට -තරගයෙන් පසුව නයි නැටුමෙන් ජය සමරයි

Shiran Viraj

Leave a Comment