Local NewsNews

නිරෝධායනයට තරු හෝටල් සූදානම් කෙරේ.. සියළු පහසුකම් සහිතව දිනකට 7500යි..

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා අවශ්‍ය නම් සංචාරක හෝටල් වල නිරෝධායන කටයුතු සූදානම් කිරීමට රජය කටයුතු කර තිබේ.

ඒ එම පහසුකම් අවශ්‍ය පුද්ගලයන්ට මුදල් ගෙවා නිරෝධය වීමට හැකියාව සලස්වා සලස්වා ඇත.

විදේශගතව සිටින ඇතැම් පුද්ගලයන් විසින් කරන ලද ඉල්ලීම් අනුව මෙම තීරණය ගෙන ඇති බව රජය සඳහන් කරයි.

අදාළ හෝටල් කාමරයක් සියලු පහසුකම් සහිතව දිනකට රුපියල් 7,500 ක් වැනි මුදලකට ලබාදීමට නියමිතය.

සාමාන්‍යයෙන් එම තරු හෝටලයක් සංචාරකයන් සඳහා දිනකට රුපියල් 35,000 පමණ මුදලකට ලබා දෙයි.

මෙරට තරු හෝටල් කිහිපයක්ම නිරෝධායන කටයුතු සදහා මේ වන විටත් රජයට බාර දී ඇත.

සියලු නිරෝධායන කටයුතු ආරක්ෂක හමුදාවේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

කෙසේ නමුත් හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානද අඛණ්ඩව පවත්වාගෙන යයි. ඒ සදහා කිසිදු අයකිරීමක් නැත.

යුද හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා මෙම තොරතුරු තහවුරු කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනාධිපති අසුනේ වාඩි වූ අරගලකරුවා අල්ලයි.. රිමාන්ඩ්…

Malar FM

එජාප ප්‍රතිසංවිධාන කමිටු වාර්තාව අද අගමැතිට !

Malar FM

ඉන්දියාව පකිස්තානයට මිසයිලවලින් පහර දේ…

Malar FM