NewsPolitical

රාජිත ගැන විපක්ෂයේ දෙබිඩි කතා මෙන්න

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

මහෙස්ත්‍රාත්වරියක් විසින් 2019 දෙසැම්බර් මාසයේ දී රාජිත සේනාරත්න මැතිතුමාට ඇප ලබාදුන් විට එජාපය කිව්වේ අධිකරණය ස්වාධීනයි අධිකරණ තීන්දු අපි හිස නමා පිලිගන්නවා කියලා. නමුත් ඒ මහෙස්ත්‍රාත්වරියම රාජිත මැතිතුමාව සති දෙකකට රක්ෂිත බන්ධනාගාර ගත කළාම එජාප නායකයින් විසින් අපි රාජිතට සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. මේක දේශපාලන දඩයමයක් යනා දී වශයෙන් අවලාද නගනවා.

එකම මහෙස්ත්‍රාත්වරියගේ තීන්දු දෙකක් දෙවිදිහට විග්‍රහ කරන්න එජාපයේ නායකයින්ට දිව දෙකක් තිබෙනවා ද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා.

මහෙස්ත්‍රාත්වරිය විසින් රාජිත ඇමතිතුමාට ඇප ලබා දීමට එරෙහිව මහාධිකරණයට ප්‍රතිශෝධිත අයදුම්පතක් ඉදිරිපත් කලේ නීතිපතිතුමන්. ඔහුගේ ඇප අවලංගු කළ යුතු යැයි තීරණය කලේ ගරු මහාධිකරණය. වත්මන් නීතිපතිතුමන් පත් කලේත් අධිකරණ සේවා කොමිසම පත් කලේත් එජාප ආණ්ඩුවෙන්.

ඒ නිසා නීතිපතිතුමන් සහ අධිකරණයේ තීන්දු විවේචනය කරන්න ඔවුන්ට කිසිම අයිතියක් නෑ. ඒ නිසා මේ නීතිපතිතුමන් සහ මේ ගරු අධිකරණය දේශපාලන දඩයමක් කරනවාය පළිගැනීමක් කරනවාය කියලා කියන්න එක්සත් ජාතික පක්ෂයට කිසිම අයිතියක් නෑ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මට ඉංග්‍රීසිත් බෑ.. ජාත්‍යන්තරයත් බෑ.. ඉතිං මට පුළුවන්ද රට හදන්න.. මං අද ඉදන් පාර්ලිමේන්තු එන්නෙ නෑ..

Malar FM

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

Malar FM

එලවළු සැපයුම තවත් බහී.. රටපුරා ආර්ථික මධ්‍යස්ථාන වසා දමන්න සැරසේ..

Malar FM