International NewsNews

සමාජ ශාලා විවෘත කිරීමෙන් පසු දකුණු කොරියාවේ ආසාදිතයින්ගේ වර්ධනයක්

දකුණු කොරියාවේ සෝල් අගනුවර සමාජ ශාලා වෙත ගොස් තිබූ කොවිඩ් ආසාදිත තරුණයාගෙන් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් ගණන මේ වන විට 102 දක්වා ඉහළ ගොස් ඇත.

නව ආසාදිතයන් වළල්ල හඳුනාගැනීමත් සමඟ දකුණු කොරියාව යළිත් වෛරස අවදානමට මුහුණපා සිටියි.

කොවිඩ් වෛරස ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට සමත්වූ දකුණු කොරියාව අප්‍රේල් 19 වන දා සිට සමාජ ශාලා විවෘත කිරීමට අවසර ලබාදීමෙන් පසුවයි මෙම තත්ත්වය උද්ගත වූයේ.

මේ අතර සංචරණ සීමා ලිහිල් කිරීමේදී අතිශයින් සුපරික්ෂාකාරී විය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

සති අන්තයේදී බොහෝ රටවල් සංචරණ සීමා ලිහිල් කිරීම නිසා ආසාදිතයන්ගේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අනුර ඡන්ද කෝටියෙන් නවතින්නෑ.. කෝටි දෙක දක්වා යනවා..

Malar FM

උඩුගුවනේ දී ඉන්දිය චන්ද්‍රිකාවක් අතුරුදන්

Malar FM

නව ලිබරල් කේවට්ටයන් පිරිසක් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට සැරසෙන බව පුබුදු ජයගොඩ මහතා පවසයි

Malar FM