Local NewsNews

දෙවැනි කොරෝනා රැල්ලක අවදානමක්.. ඔ්නෑම මොහොතක සමාජයේ රෝගීන් හමුවිය හැකියි..- වසංගත රෝග ප‍්‍රධානී..

නිවැරදිව කළමනාකරණය කර නොගතහොත් කොවිඩ්-19 වසංගතයේ දෙවැනි රැල්ලක් රටේ ඇතිවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ සමාජය මගින් කුමන මොහොතක හෝ වයිරසය ආසාධිතයන් හමුවිය හැකි බවයි.

කොවිඩ්-19 වසංගතය සියයට සියයක් මෙරටින් තුරන් කළා යැයි ප්‍රකාශ කිරීමට හැකියාවක් ලැබෙන තුරු එහි අවධානම ඇති බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ නිසා තවදුරටත් සමාජ දුරස්ථකරණය රැක ගනිමින් කටයුතු කිරීම ඉතා වැදගත් බව වෛද්‍යවරයා පවසයි. රට විවෘත කළද මහජනතාව ක්‍රියා කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන් ලබා දී ඇති උපදෙස් අනුව බව ඔහු කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

දුරකතන මාදිලි රැසකින් Whatsapp ඉවතට.. ලයිස්තුව මෙන්න…

Malar FM

ඉන්දු-ලංකා ගිවිසුම් තොරතුරු දැනගැනීමේ පනතින් ඉල්ලන්නැයි දන්වලා..

Malar FM

‘ඉරාජ්ට පහර දීමක් වෙලා…’- ඔහුගේ මිතුරා පේෂල කියයි..

Malar FM