Local NewsNews

ජ’පුර සහ ඔක්ස්ෆර්ඩ් සරසවි විද්‍යාඥයින් කොවිඩ් 19 වසංගතයට එන්නතක් සොයන්න එක්වෙයි

කොවිඩ් -19 වසංගතය සඳහා එන්තක් සෙවීම සඳහා බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටිනවා.

විවිධ රටවල ජිවත් වන කොවිඩ් -19 රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය අධ්‍යයනය කරන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අණුක වෛද්‍ය විද්‍යායතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් එක්ව සිදුකරණ ප්‍රතිශක්තිකරණ පර්යේෂණ සඳහා මිලියන 10 ක මුල්‍ය ප්‍රතිපාදනයක් ද බ්‍රිතාන්‍ රජය විසින් පරිත්‍යාග කර තිබෙනවා.

ඉකුත් දා පැවති ගෝලීය එන්නත සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වීම සම්බන්ධයෙන් මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හුල්ටන් තම කෘතවේදීත්වය පළ කර සිටිනවා.

ගෝලීය වසංගත තත්ත්වයක් මධ්‍යයේ එම රෝගය සඳහා එන්නතක් සෙවීමට බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාවේ විද්‍යාඥයින් එක්ව කටයුතු කිරිම සතුටට කරුණක් බවයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

දේශපාලනඥයින්ට පාසල් උත්සවවලට සහභාගි විය හැකියි.. තහනම් කර නෑ..- අධ්‍යාපන නි. ඇමති

Malar FM

අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීමට ඉසුරුපායෙන් ලිපි නෑ…

Malar FM

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 220 කට කොරෝනා

Malar FM