NewsSportsSports News

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය බෙන් ස්ටෝක්ස්ට

බටහිර ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟයේදී එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට බෙන් ස්ටෝක්ස් පත් කර තිබේ.

ඒ, ජෝ රූට් පුද්ගලික කරුණක් හේතුවෙන් පළමු ටෙස්ට් තරඟයෙන් ඉවත්වීමත් සමගය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ මස 8 වැනිදා ආරම්භවීමට නියමිතය.

තම බිරිඳ දරු ප්‍රසූතිය සඳහා සූදානම් වීම හේතුවෙන් නිත්‍ය නායක ජෝ රූට් පළමු ටෙස්ට් තරඟයට එක් නොවීමට තීරණය කර තිබේ.

ඒ අනුව දෙරට අතර පළමු ටෙස්ට් තරඟයේදී එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම 27 හැවිරිදි බෙන් ස්ටෝක්ස්ට හිමි වී තිබෙන අතර උප නායකත්වයේ කටයුතු කරන්නේ ජොස් බට්ලර් ය.

ජෝ රූට් 2017 වසරේ සිට මේ දක්වා ටෙස්ට් තරඟ 39කට නායකත්වය ලබා දී තිබෙන අතර ඉන් තරඟ 20ක් ජය ගෙන තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ආනයනය කරන වාහන මිල 300%කින් ඉහලට..

Malar FM

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 151 දෙනෙකු දක්වා ඉහළට

Malar FM

තිසරගේ වැඩි දස්කම් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි !

Malar FM