International NewsNews

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීනය වඩාත් සැලකිලිමත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

චීනයේ බීජිං නුවරින් යළිත් වරක් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (15) දිනයේ දී බීජිං නුවරින් නව කොවිඩ් ආසාදිතයින් 27 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව ගත වු දින පහක කාලය තුළ බීජිං නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 106 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට බීජිං නුවර ප්‍රදේශ කිහිපයක සංචරණ කටයුතු සීමා කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කාන්තාවක් නිසා තම ශ්‍රී ලාංකික මිතුරාට ත්‍රස්ත චෝදනා එල්ල කළ ඔස්ට්‍රේලියානුවාට සිරදඬුවම්

Malar FM

සමහර විට නිල නිවසක් උවමනා වෙයි..- මාලිමා මන්ත‍්‍රීනී

Malar FM

සහල් ආනයන කරනවා.. කිලෝවට 65ක බද්දක් ගහනවා.. ඒ ගොවියා රකින්නයි…

Malar FM