International NewsNews

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීනය වඩාත් සැලකිලිමත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

චීනයේ බීජිං නුවරින් යළිත් වරක් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (15) දිනයේ දී බීජිං නුවරින් නව කොවිඩ් ආසාදිතයින් 27 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව ගත වු දින පහක කාලය තුළ බීජිං නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 106 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට බීජිං නුවර ප්‍රදේශ කිහිපයක සංචරණ කටයුතු සීමා කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ලේ නෑකම සුදුසුකමක් නොවේ… ‘නිදි වගේ’ සිටීමෙන් පසු දිලිත් ජයවීර..

Malar FM

විමල්ට ඔ්න වුනාට මට ගෝටාභය එපා..මහින්ද පමණයි ඔ්නෑ-විමල්ට වෙල්ගම පිලිතුරු දෙයි

Malar FM

ලෙබනනයේ පිපිරීම හිරෝෂිමා බෝම්බයේ ප්‍රබලත්වයෙන් හරි අඩක් : පුද්ගලයින් ලක්ෂ දෙකහාමාරකට නිවාස අහිමිවෙයි

Malar FM