Local NewsNews

බන්ධනාගාර දූෂිත නිලධාරීන් ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

කිසියම් බන්ධනාගාරයක නිලධාරියෙකු අක‍්‍රමිකතාවක් සිදුකරන්නේ නම් ඒ පිළිබද තමන්ට දැනුම් දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සියළු බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

011 46 77 100 යන දුරකතනය අංකයට අමතා හෝ ලිඛිතව හෝ නිර්ණාමිකව තමන් වෙත එම අකටයුතුකම් පිළිබද දන්වන ලෙසයි ඉල්ලා සිටින්නේ.

මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයටද එම අක‍්‍රමිකතා ගැන දැනුම් දීමට හැකි බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ. දැනටමත් බන්ධනාගාර කිහිපයක උසස් නිලධාරීන් සිදුකළ අක‍්‍රමිකතා ගැන පැමිණිලි ලැබී ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ බවත් මෙහිදී කියාසිටියා.

මේ අතර කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රැදවියෙකු පරීක්‍ෂා කිරීමට යාමේදී ඊට එරෙහිවූ ඔහු බන්ධනාගාර නිලධාරියෙකුට පහරදී තිබෙනවා.

අසල තිබූ මුගුරකින් බන්ධනාගාර නිලධාරියාට පහරදී ඇති බවයි වාර්තා වුණේ. තවත් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් පැමිණ අදාල රැදවියාට පහරදී බන්ධනාගාර නිලධාරියා මුදාගෙන තිබෙනවා.

මේ අතර කටුනායක ගුවන් හමුදා කඳවුරේ සැරයන්වරයෙකු ද සම්බන්ධ කර ගනිමින් මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙය වූ මත්කුඩු ජාවාරමක තොරතුරුද ඊයේ අනාවරණ කර ගැණුනා.

අදාළ රැඳවියා සතුව තිබී ජංගම දුරකතනයක් ද සොයාගෙන තිබුණේ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් මීගමුව බන්ධනාගාරයට ගොස් සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි. කෙසේවෙතත් එම රැඳවියාට ජංගම දුරකතනයක් ලැබුණේ කෙසේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර මාතර සහ මහර බන්ධනාගාරවල සිටින රැදවියන් දෙදෙනෙකුට ජංගම දුරකතන ලබාදුන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද පියවර ගැණුනා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රජය අපහසුතාවට පත්කිරීමේ වැඩපිළිවෙළක් ගැන අගමැති කියයි..

Malar FM

රට බංකොලොත් වෙන්නෙ දෙන්නෑ… සංවර්ධනයේ හිණිපෙත්තටම ගෙනියනවා…

Malar FM

මන්ත්‍රී අජිත් ගිහාන් මහතා තමන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කරයි

Malar FM