NewsPolitical

මා හමුදා සෙබළුන් ඝාතනය කල බව සත්‍යයි.. නමුත් මාව අත්අඩංගුවට ගන්න බෑ.. මං දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිලේ..- කරුණා

තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු ලෙස සිටියදී හමුදා සෙබළුන් ඝාතනය කළ බව සෑම පුද්ගලයකුම දන්නා කරුණක් බැවින් දැන් තමන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොමැති බව ද්‍රවිඩ මහ සභා පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයට තරග කරන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් පවසයි.

කොරෝනාවට වඩා තමන් භයානක බවත්, එක දිනකදී හමුදාවේ 2000ක් පමණ මරා දැමූ බවට ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමකදී විනයාගමූර්ති මුරලිදරන් මේ බව ප්‍රකාශ කළේය.

තමන් කළ ප්‍රකාශයට සම්බන්ධයෙන් එම ස්ථාවරයේම සිටින බව ඔහු අවධාරණය කර සිටියේය.

තමන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළද එම පක්ෂවලද පෙර වැරදි ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

තමන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක්ව සිටින බවද විනායාගමූර්ති ​ මුරලිදරන් ප්‍රකාශ කරයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මට බිරිදක් නැත්තේ බැරිකම නොවෙයි මගේ කැමැත්ත වෙන දෙයකට නිසා.. ඒ ගැන මට ආඩම්බරයි..

Malar FM

අයවැයෙන් කොපමණ සහන දුන්නත් අපට කමක් නෑ.. ඒ සියල්ල රජය උපයාගත යුතුයි..- IMF

Malar FM

ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමට කෝටි සීයක බදු සහනයක්…

Malar FM