NewsPolitical

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් මෙන්ම රාජ්‍ය ආයතනවල දේපළ භාර නිලධාරීන් මැතිවරණ කොමිසමට අද කැඳවා තිබෙනවා.

ඒ, එළඹෙන මහ මැතිවරණයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. අද පෙරවරු 11 ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එළඹෙන මහ මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් වී තිබෙනවා. එවැනි කි‍්‍රයා වැළැක්වීමට කටයුතු කිරීම මෙන්ම තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ETI වංචාවට එදිරිසිංහ පවුලේ තිදෙනෙකු අත්අඩංගුවට

Malar FM

මහින්ද පාර්ලිමේන්තුවේ..විශේෂ ප‍්‍රකාශයක් සූදානම්..සන්ධානය ආණ්ඩු පක්‍ෂයේ

Malar FM

ත‍්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් මට්ටම චුට්ටක් ඉහල දමයි..

Malar FM