International NewsNews

ජපානයට විපත් ගෙනා හයිෂෙන් සුළි කුණාටුව දකුණු කොරියාවට කඩා වදි

ජපානයට දැඩිව බලපෑම් එල්ල කළ හයිෂෙන් සුළි කුණාටුව මේවනවිට දකුණු කොරියාවට කඩා වදිමින් තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ දකුණු කොරියාවේ බුසාන් වරාය නගරයට දකුණු දෙසින් හයිෂෙන් සුළි කුණාටුව රට තුළට ඇතුළුවී ඇති බවයි. අයහපත් කාලගුණය හමුවේ ගුවන් තොටුපළ 10 කින් පමණ සිදුකිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර 300 ක් පමණ අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

දුම්රිය ගමන් වාර රැුසක් ද මේවනවිටත් අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ අතර සුළි කුණාටුවේ බලපෑම හමුවේ දකුණු කොරියාවේ නිවාස ඇතුළු ස්ථාන 5000 ක පමණ විදුලි සැපයුම බිඳවැටී ඇති බවයි පැවසෙන්නේ. එලෙස විදුලි සැපයුම බිඳ වැටී ඇති කලාප අතරට ඒ අතරට සුප‍්‍රකට ජේජු දූපත ද අයත්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අනුර යාපා ඇතුළු සිවු දෙනාටම ඇප..

Malar FM

විශ්‍රාමිකයින්ට බෙහෙත් ගන්න අද ඔසුසැල් විවෘතයි

Malar FM

විග්නේශ්වරන්ගේ පෙත්සම කුණු කූඩයට

Malar FM