International NewsNews

ටික්ටොක් සහ වී චැට් නිසා අමෙරිකානු ජනපති සහ අධිකරණය අතර ගැටුමක්

චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට ට‍්‍රම්ප් පරිපාලනය ගෙන ඇති තීරණයට අමෙරිකානු අධිකරණයත් සිය විරෝධය පළ කර තිබෙනවා.

අමෙරිකානු මහේස්ත‍්‍රාත් අධිකරණයේ විනිසුරු ලෝරල් බිලර් පවසා ඇත්තේ මෙම තහනම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් මතු කරන බවයි.

නිදහසේ අදහස් පළ කිරීමට එමගින් බාධාවක් සිදුවන බවයි විනිසුරුවරයා අවධාරණය කර ඇත්තේ.

කෙසේවෙතත් ට‍්‍රම්ප් පරිපාලනය පවසන්නේ වී චැට් සමාජ මාධ්‍ය යෙදුම එරට වේලාවෙන් ඉරිදා මධ්‍යම රාති‍්‍රයේ සිට තහනම් කරන බවයි.

එම තහනමත් සමග අමෙරිකානුවන් හට ටික් ටොක් හා වී චැට් යෙදුම් බාගත කිරීමට හෙවත් ඩවුන්ලෝ්ඞ් කිරීම නොහැකි වන අතර ඒවා හරහා පණිවිඩ යැවීම සහ වීඩියෝ බෙදාගැනීමට ද නොහැකි වනවා. ටික් ටොක් තහනම කි‍්‍රයාත්මක වන්නේ එළඹෙන නොවැම්බර් 12 වැනිදා සිටයි.

ට‍්‍රම්ප් පරිපාලනය පවසන්නේ ටික් ටොක් සහ වී චැට්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි. කෙසේවෙතත් මෙම සියලූ චෝදනා චීනය තරයේ ප‍්‍රතික්ෂේප කරනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම ලාදුරු රෝගීන් වාර්තා වන බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි

Malar FM

පාපැදි සොරා කැමරාවෙන් අල්ලයි….

Malar FM

අකුරැස්සේ දෙදෙනෙකුට කොරෝනා.. 60ක් නිරෝධායනයට..

Malar FM